සෞඛ්‍ය සේවයට අවශ්‍ය මුදල් ලබා දීමට රජය කටයුතු කළේ නැත්නම් සිය අමාත්‍ය තනතුරෙන් ඉවත් වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
ඖෂධ හිඟය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමුකළ පැනයකට පිළිතුරු ලබා දෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.



