ඊශ්‍රායල් රැකියා පෙන්වා මුදල් වංචා කළ සැකකරු අත්අඩංගුවට

Share

ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු වූ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ විමර්ශන ඒකකය විසින් 23 දින අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු හලාවත වයික්කාල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු ඊශ්‍රායල් රැකියා ලබාදීම සඳහා පුද්ගලයකුගේ රුපියල් ලක්ෂ හතරක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදුන් බවට කාර්යාංශය වෙත පැමිණිල්ලක් ලැබී තිබිණි.

ඒ අනුව ක්‍රියාත්මක වූ කාර්යාංශ විමර්ශන නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන මෙහෙයවන ලදී. ඒ අතරතුරදී මරදාන පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන කාර්යාංශයේ විමර්ශන අංශය වෙත භාරදී තිබේ.

Read more

Local News