යුනෙස්කෝ සංවිධානය විසින් “මහාවංශය” ලෝක මතක ලේඛන උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.
මහාවංශය යනු ලක්දිව මහා විහාර ඉතිහාසය ප්‍රධානකොට රජරට රාජධානියේ ඉතිහාසය පිළිබඳව මහා විහාරික මහානාම හිමි විසින් පාලි භාෂාවෙන් ලියන ලද ඓතිහාසික කාව්‍යයකි.
එය ක්‍රි.පූ. 6 වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 1815 දක්වා කාලය ආවරණය වන පරිදි මෙය රචනා කර තිබෙන ඉතාමත් රසවත් කාව්‍යයකි.
යුනෙස්කෝ සංවිධානය විසින් 2023 වසරේ ප්‍රකාශයට පත්කළ ලෝක මතක ජාත්‍යන්තර ලේඛනයේ නව ලේඛන උරුම 64 අතරට මහාවංශය ද ඒ අනුව ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.



