නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින රුමේනියාවේ රාජ්‍ය ලේකම් සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ට්‍රෙයන් හිරිස්ටියා ඇතුළු දූත පිරිස පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන හමුවිය.
රුමේනියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් පිහිටුවීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව රාජ්‍ය ලේකම් ට්රේයන් හ්රිස්ටියා සිය ප්‍රසාදය පළ කළ අතර දෙරට අතර ශක්තිමත් සබඳතාවක් ඇති කිරීමට මෙය ඉතා වැදගත් බවද සඳහන් කළේය.
තවද මෙමඟින් කම්කරු අංශය, අධ්‍යාපන, වෙළෙඳ, ආයෝජන, සයිබර් ආරක්ෂාව, තොරතුරු තාක්ෂණය සහ සංචාරක යනාදී බොහෝ ක්ෂේත්රවල දෙරට අතර සහයෝගිතාව සඳහා මඟ සැලසෙනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.



