බදුල්ල ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාල භූමියේ රෝපණය කරන ලද සකුරා ගසක මේ දිනවල සකුරා මල් පිපී තිබෙනවා.
එය ජපානයෙන් ගෙනවිත් රෝපණය කර ඇත්තේ සකුරා වගා කිරීමට සුදුසු දේශගුණික තත්ත්වයක් ඇත්දැයි පරික්ෂා කිරීම සඳහායි.
එම සකුරා ගස 2017 වසරේ ජපානයේ සිට මෙරටට ජපන් ශ්‍රී ලංකා සහයෝගිතාව මත ගෙනවිත් තිබෙනවා.



