ලාෆ්ස් ගෑස් මිල පහළට

Share

අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් පහළ දැමෙනු ඇති.

මිල පහළ දැමීමත් සමඟ කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 3,690කි.

කිලෝග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120කින් පහළ යනු ඇති.

කිලෝග්‍රෑම් 5 ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 1476කි.

Read more

Local News