ගෙදර සිට වැඩ කරන්න නීතියක් – තාත්තලාටත් දරු උපතේ නිවාඩුවක් !

Share

නිවසේ සිට වැඩ කරන සේවා නියුක්තිකයින්‌ගේ අයිතිවාසිකම් හා යුතුකම් පිළිබඳ නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීමට කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සඳහන් කරනවා.

එමෙන්ම පිතෘ නිවාඩු සම්බන්ධව නීතිමය ප්‍රතිපාදන ඇති කිරීමට යෝජිත බවද ඔහු පෙන්වා දෙනවා.

නූතන වැඩ ලෝකයට ගැලපෙන කම්කරු නීති පද්ධතියක් සකස් කිරීම සදහා වන දළ කෙටුම්පත කම්කරු උපදේශක සභාවට ඉදිරිපත් කිරිමෙන් පසුව මාධ්‍ය අමතමින් ඔහු මේබව කියා සිටියා.

පිතෘ නිවාඩු සම්බන්ධව නීතිමය ප්‍රතිපාදන ඇති කිරීම, විදේශික සේවා නියුක්තිකයෙකු ශ්‍රී ලංකාවේ සේවය කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටියක් හඳුන්වා දීම , සමාජ ආරක්ෂණ රක්ෂණ අරමුදලක් මඟින් මාතෘ ප්‍රතිලාභ, සේවක සෞඛ්‍ය සහ විරැකියාවක දී වන්දි ලබා දෙන සමාජ ආරක්ෂණ පද්ධතියක් සැකසීම , සේවා නියුක්තිකයෙකුගේ කාර්යය සාධනය මැන බැලීම සඳහා සේවායෝජකට නෛතික බලයක් ලබා දීම , මිනිස්බල සැපයුම් ආයතන හා රැකියා නියෝජිත ආයතන නියමානුකූල කිරීම සඳහා ප්‍රතිපාදන හඳුන්වා දීම, ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් වේතන (E- Wages System) ගෙවීමේ ක්‍රමයක් හඳුන්වා දීම. සේවා නියුක්තිකයින්ගේ කැමැත්ත අනුව දින 05 සතියක් හා නම්‍යශීලී වැඩ කරන වේලාවන් හඳුන්වා දීම සහ අර්ධ කාලීන (Part time) රැකියාවල නියුක්ත වීමට අදාල නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීම සම්බන්ධයෙන් ඉදිරියේ දී කට්‍රයුතු කරන බවයි අමාත්‍යවරයා එහිදී මාධ්‍ය දැනුවත් කරමින් කියා සිටියේ.

Read more

Local News