සංචාරක වීසා මගින් රැකියාවලට කාන්තාවන් යැවීමට උත්සාහ කළ කතක් අත්අඩංගුවට

Share

ඕමාන් රටේ රැකියාවක් සඳහා සංචාරක වීසා මගින් කොක්කඩිචෝලෙයි ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් යැවීමට උත්සාහ කළ, කොළඹ 02, ගැලනි පැසේජ් ප්‍රදේශයේ පදිංචි කාසිම් සීනතුල් නිසා නම් කාන්තාවක්, කාර්යාංශයේ කටුනායක ගුවන් තොටුපොල කාර්යාංශ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නීතිවිරෝධි අයුරින් සංචාරක වීසා මගින් විදේශ රැකියා සඳහා තැනැත්තන් යොමුකිරීමට උත්සාහ කිරිම යන චෝදනාව මත අත්අඩංගුවට ගත් සැකකාරිය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදාහරින ලදී.

Read more

Local News