කොළඔ අන්නද විද්‍යාලයෙන් බිහිවු පළමු ගුවන් හමුදාපති තුමන් වන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වන ගුවන් හමුදාධිපති තුමන් ලෙස පත්වු එයාර් මාර්ෂල් උදේනි රාඡපක්ෂ වෙත උපහාර දැක්විමේ උළෙලක් ආදි ආනන්දීය වෘත්තිකයන්ගේ සංසදය හා ආදි ආනන්දීය ක්‍රිඩා සංසදයේ සභාපති වත්මන් ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.
ආදි ආනන්දීය වෘතිකයන්ගේ සංසදය හා ආදි ආනන්දීය ක්‍රිඩා සංසදය විසින් සංවිධානය කරන ලද මෙම උපහාර උළෙල සදහා ආනන්ද විද්‍යාලිය විදුහල්පති තුමන් ආදි ආනන්දීය වෘතිකයන් ආදි ආනන්දීය ක්‍රිඩා සංසදයේ සාමාජිකයින් මෙන්ම අදි ශිෂ්‍යයන් ඇතුලු පිරිසක් සහභාගි වු අතර මෙහිදි ආරක්ෂක ලේකම් තුමන් විසින් නව ගුවන් හමුදාධිපති තුමන් වෙත සමරු තිලිණයක්ද ද පිරිනමන ලදිි.



