අද (10) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර උතුරු පළාතේ සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඌව පළාතේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.
උතුරු-මැද පළාතේත් පුත්තලම, හම්බන්තොට, මන්නාරම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 40ක පමණ තරමක් තද සුළං ද ඇතිවිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ..



