මනම්පිටිය කොටලීය ඔයට පෙරළීයාමෙන් අනතුරට ලක් වූ බස් රථය බලපත්රයක් නොමැතිව ධාවනය කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරනවා.
සියත පත්තරේ වැඩසටහනට සජීවීව එක්වෙමින් ඔහු පැවසුවේ ඒ සම්බන්ධයෙන් දැනට දින කිහිපයකට පෙර පොලිසියට පැමිණිල්ලක් ද කළ බවයි.
සිද්ධියෙන් මේ වනවිට 10 දෙනෙකු මිය ගොස් ඇති අතර බස් රථයේ රියදුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.