අස්වැසුම ප්රතිලාභ වැඩසටහනේ විරෝධතා සහ අභියාචනා ඉදිරිපත් කිරිමට ලබා දී තිබූ කාලය අද (10) අවසන් වීමට නියමිතයි.
අද දිනය තුළත් අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කළ හැකි අතර ලැබී ඇති අභියාචනා සහ විරෝධතා පරික්ෂා කර අවසන් ලේඛනය සැකසීම ඉක්මනින් සිදු කරන බවයි
මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේ.



