වෛද්‍යවරුන්ගේ මෝටර් රථය ප්‍රපාතයකට

Share

රේන්දපොළ අඹේවෙල ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් අඩි 10ක් පමණ ප්‍රපාතයකට පෙරලී ගොස් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුර සිදුවූ අවස්ථාවේ මහනුවර ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයෙක් සහ වෛද්‍යවරියක් මෝටර් රථයේ ගමන් කරමින් සිට ඇති අතර ඔවුන්ට සුළු තුවාල සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

මෝටර් රථය පෙරලී ගොස් ගසක ගැටීම නිසා සිදුවීමට තිබූ විශාල අනතුරක් වැළකී තිබුණා.

Read more

Local News