හොර ඒජන්සියක් වටලයි

Share

දේශීය රැකියා නියෝජිතායතනයක් වශයෙන් පවත්වාගෙන යමින් නීත්‍යානුකූල නොවන අයුරින් විදේශ රැකියා සඳහා තැනැත්තන් බඳවාගැනීම් සිදුකළ කුරුණෑගල ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිතායතනයක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් 08 දින වැටලීම් කර එහි හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ව්‍යාජ රැකියා නියෝජිතායතනය පවත්වාගෙන ගොස් ඇති අතර, එමගින් කුවේට්, ඩුබායි, මාලදිවයින, රුමේනියා, කටාර්, සර්බියාව, රුසියාව ආදී රටවල රැකියා සඳහා යවන බව පවසා අයදුම්පත්‍ර ලබාගෙන ඇත.

මේ වංචනික ක්‍රියාව සම්බන්ධයෙන් කාර්යාංශය වෙත ලද තොරතුරු අනුව මෙම වැටලීම සිදුකරන ලද අතර, එහිදී මෙම ආයතනය පවත්වාගෙන ගිය පුද්ගලයෙකු විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 05ක්, විදේශ ගමන් බලපත්‍ර පිටපත් සහිත ලිපි ගොනුවක්, රබර් මුද්‍රා, හඳුනාගැනීමේ කාඩ්පත් හා රැකියා අයදුම්පත් විශාල ප්‍රමාණයක්ද විමර්ශන නිළධාරීන් භාරයට ගෙන ඇත.

Read more

Local News