ලබන වසරේදී ව්‍යාපෘතිවලට ‘දැන්ම’ ටෙන්ඩර් කැඳවීමට උපදෙස්

Share

ලබන වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති සඳහා ව්‍යාපෘති වාර්තා සකසා ටෙන්ඩර් කැඳවීම් දැන්ම ආරම්භ කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දී තිබෙනවා.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ එවිට මුදල් ලැබුණු වහාම කල් නොයවා අදාළ ව්‍යාපෘති ආරම්භ කළ හැකි බවයි.

එමෙන්ම මේ වනවිට අතරමග නතරව ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබඳව මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කරන ලෙසත්, අවශ්‍යනම් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී ලේකම්වරයාට වැඩිදුරටත් උපදෙස් දී තිබෙනවා.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට අද (13) සහභාගී වෙමින්.

Read more

Local News