නිර්වින්දන එන්නතක් නිසා ඇතිවූ සංකූලතා මත මියගිය බවට චෝදනා එල්ල වන චමෝදි සංදීපනීගේ දේහය මේ වන විට නිවසේ තැන්පත් කර තිබෙනවා.
අදාළ ප්‍රතිජීවක එන්නත හෙදිය විසින් ලබා දී ඇත්තේ පූර්ණ වෛද්‍ය නිර්දේශය මත බවයි සමස්ත ලංකා හෙද සංගමය පවසන්නේ.
මාස 3ක කාලයක් ඇතුලත ඖෂධ විෂවීම හේතුවෙන් රෝගීන් 10 දෙනෙකු මියගොස් ඇති බවද එම සංගමය පවසනවා.



