ලොව පුරා මිලියන 735ක පමණ ජනතාවක් කුසගින්නෙන් පෙලෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
ඒ නවතම වාර්තාවක් නිකුත් කරමින්.
එම වාර්තාව සකස් කර ඇත්තේ 2022 වර්ෂය පාදක කර ගනිමින්.
කොවිඩ් වසංගත තත්ත්වය ව්‍යාප්තියට පෙර පැවති කුසගින්නෙන් පෙලෙන්නන්ගේ අගයට වඩා ඉහළ අගයක් බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ.
පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් භාගයකට අධික පිරිසක් විවිධ ආකාරයේ ආහාර අර්බුදයන්ට මුහුණ දී ඇති බව ලෝක ආහාර වැඩසටහනද පවසා තිබෙනවා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ළමුන් 1000කට ආසන්න පිරිසක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙලෙන බව පසුගියදා අනාවරණය වුණා.



