උතුරු කොරියානු ජනාධිපති රුසියාවේ සංචාරයක

Share

උතුරු කොරියානු ජනාධිපති රුසියාවේ සංචාරයක නිරත වී සිටිනවා.

රුසියානු ජනාධිපති පුටින් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීම එම සංචාරයේ අරමුණ බවයි වාර්තා වන්නේ.

උතුරු කොරියානු නායකයා මෙම සංචාරයේ නිරත වන්නේ දැඩි ආරක්ෂාවක් මධ්‍යයේයි.

ඒ සඳහා ඔහු වෙඩි නොවදින දුම්රියක් යොදාගෙන ඇති බව විදෙස් මධ්‍යයේ සඳහන්.

අමෙරිකානු බුද්ධි අංශ වාර්තාවලට අනුව ඔහුගේ මෙම සංචාරය තුළ ආයුධ ගනුදෙනුවක් පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇති බව විශ්වාස කරනවා.

බොහෝ දුරට අද (12) දිනයේ දී මෙම සාකච්ඡාව පවත්වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Read more

Local News