ඉරාකය සහ සිරියාව වෙත අමෙරිකානු ගුවන් ප්‍රහාර එල්ල කිරීම මුලෝපායික වරදක් බව ඉරානය පවසනවා.
ඉරාන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එම ප්‍රහාරවලින් කලාපයේ ආතතිය සහ අස්ථාවරත්වය හැර වෙනත් ප්‍රතිපලයක් නොලැබෙන බවයි.
එසේම අමෙරිකාව ඉරාකයට සහ සිරියාවට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සඳුදා රැස් වන බවයි වාර්තා වන්නේ.