පසුගිය සතියක පමණ කාලයක සිට දකුණු කොරියානු වෛද්‍යවරුන් වැඩ වර්ජනයක නිරතවනවා .
එරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට එක්කරගන්නා වෛද්‍ය සිසුන් ප්‍රමාණය 65%කින් ඉහළ දැමීමට ගත් තීරණයට විරෝධය පළකරමිනුයි ඔවුන් වැඩවර්ජනය ආරම්භ කළේ.
මෙම වැඩවර්ජනය සඳහා වෛද්‍යවරුන් 9000ක් පමණ එක්ව ඇති අතර 10,000ක් පමණ ඉල්ලා අස්වීමේ ලිපි ලබා දී ඇති බව වාර්තා වනවා.
කෙසේ නමුත් මෙම වර්ජනය අවසන් කිරීම සඳහා වෛද්‍යවරුන්ට දින 4ක කාලයක් ලබා දීමටයි එරට රජය පියවර ගෙන ඇත්තේ.
එසේ කළේ නැතිනම් වෛද්‍යවරුන්ගේ ලියාපදිංචිය මාස 3ක කාලයක් සඳහා අත්හිටුවන බවට එරට රජය නිවේදනය කළා.
වැඩ වර්ජනය නිසා එරට රෝහල්වල ශල්‍යකර්ම සම්පුර්ණයෙන්ම ඇණහිට ඇති අතර රෝහල්වලට පැමිණෙන රෝගීන් ආපසු හරවා යැවෙන බවයි වාර්තා වන්නේ.