අමෙරිකාවෙන් ගාසා තීරයට ගුවනින් ආධාර

Share

අමෙරිකාව ගාසා තීරයට ගුවනින් ආහාර මලු ලබා දී තිබෙනවා.

එහිදී ගුවන් යානා තුනක් යොදාගනිමින් ආහාර මලු 38,000ක් පමණ ගාසා තීරයට ලබාදුන් බවයි වාර්තා වන්නේ.

ජෝර්දාන ගුවන් හමුදාව සමඟ එක්වයි මෙම මෙහෙයුම සිදුකර ඇත්තේ.

අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් මෙම තීරණයට එළඹුණේ පසුගියදා ගාසා තීරයේ ආධාර ලබාගැනීමට පැමිණි පලස්තීන වැසියන් 100කට වැඩි පිරිසක් ඊශ්‍රායල හමුදාව මරා දැමීමත් සමඟයි.

Read more

Local News