එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පසුගිය පෙබරවාරි මාසයෙන් පසු ප්‍රථම වරට උතුරු ගාසා තීරයට සහනාධාර රැගෙන යාමට උත්සහ කර තිබෙනවා.
නමුත් ඔවුන්ට උතුරු ගාසා තීරයට ඇතුළු වීමට ඊශ්‍රායල ආරක්ෂක අංශ ඉඩ ලබා දී නැහැ.
ගාසා තීරය මුහුණදී සිටින සාගත තත්ත්වය පාලනය කිරීම සඳහා උතුරු ගාසා තීරයට සහානාධාර ලබාදීම අනිවාර්ය බවයි ජගත් සංවිධානය පෙන්වා දෙන්නේ.
මේ අතර එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය දකුණු ගාසා තීරයේ පවුල් 370,000කට පමණ තිරිඟු පිටි බෙදාහැර තිබෙනවා.
නමුත් එය සමස්ථ ජනගහනය සඳහා ප්‍රමාණවත් නොවන බවයි වාර්තා වන්නේ.
එසේම එක්සත් ජනපදය ගාසා තීරය වෙත ලබා දීමට සුදානම් කළ තිරිඟු පිටි තොගයක් තවමත් එක්සත් ජනපදය තුළ සිර වී ඇති බව වාර්තා වනවා.
එම පිටි තොගය ගාසා තීරය වෙත ලබා දෙන බවට ප්‍රකාශ කර මේ වන විට දින 46ක් ගත වී ඇති බවයි වාර්තා වන්නේ.
එම තිරිඟු පිටි තොගය පලස්තීනුවන් මිලියන 1.5ක් මාස 5ක් පුරා පෝෂණය කිරීමට ප්‍රමාණවත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මේ අතර උතුරු ගාසා තීරයේ බෙයිට් ලහියා නගරයේ කමල් අද්වාන් රෝහල තුළ මන්දපෝෂණය නිසා ළමුන් 15දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.