තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් මරුට

Share

ලුණුගම්වෙහෙර පොලිස් වසමේ තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු ලුණුගම්වෙහෙර රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 31 ක් වන ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

පැරණි අමනාපයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය සැකකරනු ලබනවා.

ඝාතනය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ලුණුගම්වෙහෙර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Read more

Local News