රිය අනතුරකින් 13 හැවිරිදි පාසල් දැරියක් මරුට

Share

ආණමඩුව නවගත්තේගම මාර්ගයේ උස්වැව ප්‍රදේශයේදී නවගත්තේගම දෙස සිට ආණමඩුව දෙසට ධාවනය වූ ලොරි රථයක පදික මාරුව මතින් ගමන් කල ගැහැණු දරුවෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ දැරිය ආණමඩුව රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මිය ගිය දැරිය වයස අවුරුදු 13ක් වූ නවගත්තේගම ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියකි.

Read more

Local News