රිය අනතුරකින් 08 හැවිරිදි පාසල් සිසුවෙක් මරුට

Share

මාතර තංගල්ල ප්‍රධාන මාර්ගයේ දොඩම්පහල, උඩදෙනිය ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ටිපර් රථයක මුහුණට මුහුණ ගැටී ත්‍රීරෝද රථය මාර්ගයේ පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු, පසුපස අසුනේ ගමන්ගත් කාන්තාවක් හා ඇයගේ පිරිමි දරුවෙකු බරපතල තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුලත් කිරීමේන් පසු ප්‍රතිකාර ලබමින් සිටි පිරිමි දරුවා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය දරුවා වයස අවුරුදු 08ක් වූ දංපතිගම, බිබිල ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක් බවයි වාර්තා වන්නේ.

Read more

Local News