වන අලියකු පහරදීමෙන් පුද්ගලයෙකු මරුට

Share

මහකළුගොල්ල පොලිස් වසමේ වාරි මාර්ග පාර ප්‍රදේශයේ වගා ඉඩමක සිටි පුද්ගලයෙකු වන අලියකු පහරදීමෙන් මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 35ක් වූ වාරි මාර්ග පාර, නාමළුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

මරණකරු ඔහු විසින් වගා කරන ලද කොමඩු වගාව වන අලින්ගෙන් ආරක්ෂා කිරීම සඳහා ගොස් සිටියදී වන අලියෙකු පහරදී ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News