මීගොඩ පොලිස් වසමේ වටරැක ප්රදේශයේ නිවසකට ඇතුලු වූ පුද්ගලයෙකු විසින් සිදුකල පහරදීමකින් තුවාල ලැබු කාන්තාවක් පාදුක්ක රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
මරණකාරිය වයස අවුරුදු 66ක් වූ වටරැක, පාදුක්ක ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකාරිය සිය පුත්රයා සමඟ නිවසේ නිදාගෙන සිටි අවස්ථාවේ නිවසට ඇතුළු වු නාඳුනන පුද්ගලයෙකු විසින් පහරදී ඇති බවට විමර්ශනවලදි අනාවරණය වී තිබෙනවා.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.