පිරිමි පුද්ගලයන් රුසියාවට යාමේදී ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශය අත්‍යවශ්‍යයි

Share

සංචාරක වීසා මත රුසියාවට යෑමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයන් මෙරටින් පිටත්ව යන්නේ සංචාරයක් සඳහා බවට ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශය ලබාගැනීම අත්‍යවශ්‍ය බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පවසනවා.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ විශ්‍රාමික හමුදා සාමාජිකයන් රුසියානු හමුදාවේ කුලී හේවායන් වශයෙන් කටයුතු කිරීම සහ ඔවුන් මුහුණදෙන වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා ඊයේ (30) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Read more

Local News