ගංවතුරේ ගිලී පාසල් සිසුවෙක් මියයයි

Share

බද්දේගම, ඇටවරමුල්ල ප්‍රදේශයේදී පිරිමි දරුවෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

නිලධාරින් එක්ව අනතුරට පත් දරුවා ගොඩට ගෙන බද්දේගම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය දරුවා වයස අවුරුදු 17ක් වන ගනේගම බටහිර, බද්දේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ගිංගඟ පිටාර ගැලීමෙන් ඇතිවූ ගංවතුර මත ටියුබයක් ආධාරයෙන් මිතුරන් සමග විනෝද වෙමින් සිටියදී ටියුබය පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට අනාවරණය වී තිබෙනවා.

Read more

Local News