වාහන ආනයනය ගැන දැනුම්දීමක්

Share

පෞද්ගලික රථ වාහන ආනයනය පිළිබඳ සලකා බැලිය හැක්කේ 2025 වසරේ මුල් කාර්තුවේ දී බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

ඔක්තෝබර් මාසය වන විට පොදු ප්‍රවාහනයට සහ වාණිජ කටයුතු සඳහා වන රථ වාහන ආනයනය කිරීමට හැකි වනු ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

රථ වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරීමට අදාළ වාර්තාව අගෝස්තු මාසයේ දී එළි දැක්වීමට මූදල් අමාත්‍යාංශය කටයුතු කරන අතර එමගින් ඉදිරි මාර්ග සැලසුම අනාවරණ වනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව ගෙවුම් ශේෂ පරතරය සහ විදේශ සංචිත වෙත බලපෑමක් ඇති නොවන පරිදි අදාළ ආනයනය කටයුතු යළි ආරම්භ කිරීමට සූදානම් බවට අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළා.

Read more

Local News