තලාවේ වෙඩි තැබීමක්

Share

තලාව, මැදගම ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි වැදීමකින් තුවාල ලබා අනුරාධපුරය රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

තුවාලකරු වයස අවුරුදු 44ක් වන වරාගොඩ, තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම තුවාලකරු තම මස්සිනා සමග පොල් වගා කර ඇති ඉඩම තුල ගමන් කරමින් සිටියදී ඉඩමට ජලය ලබා ගන්නා ඇල්කටින් බට සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් යාබද ඉඩමේ හිමිකරු විසින් මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් වෙඩි තබා ඇති බව සිදුකරන ලද විමර්ශණයේදී අනාවරණය වී තිබෙනවා.

වෙඩි තැබීම සිදුකල සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා තලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News