සැකකටයුතු මරණයක්

Share

සීදුව, අමන්දොළුව ප්‍රදේශයේ බෝඩිම් කාමරයක සිටි කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

මරණකාරිය වයස අවුරුදු 43ක කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

මරණකාරිය පිරිමි පුද්ගලයෙකු සමඟ ඉහත බෝඩිමේ නැවතී සිටිමින් කටුනායක අයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවය කර ඇති අතර, ඝාතනයෙන් පසු ඇය සමඟ නවාතැන්ගෙන සිටි පුද්ගලයා පලා ගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා.

Read more

Local News