රටේ කෘෂිකර්මාන්තය නවීකරණය කරන බව කියන ජනපති රනිල් (VIDEO)

Share

ලෝක ආහාර සුරක්ෂිතභාවය වෙනුවෙන් ආහාර සැපයීමට හැකි වන පරිදි රටේ කෘෂිකර්මාන්තය නවීකරණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ආහාර අපනයනය කර ඩොලර් උපයා, ණය නැති රටක් නිර්මාණය කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

යාපහුව ප්‍රදේශයේ පැවැති ජන රැළියකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

මේ අතර ජනාධිපතිවරයාට සහය පළ කිරීමට සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සහ කම්කරු ජාතික සංගමයේ පිරිසක් එක්ව තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News