කාන්තාවකට මරු කැදවූ රිය අනතුර

Share

ගොඩගම දෙස සිට ඉංගිරිය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් දකුණු පසට හැරවීමට යාමේදී ඊට පිටුපසින් පැමිණි පුද්ගලික බස් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් ත්‍රීරෝද රථයේ පිටුපස අසුනේ ගමන් ගත් කාන්තාව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

බස් රථයේ රියදුරු ද ප්‍රථිකාර සඳහා පාදුක්ක රෝහලට ඇතුලත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මරණකාරිය වයස අවුරුදු 61ක් වූ පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකාරියක්.

Read more

Local News