මනුෂ්‍ය ඝාතනයක්

Share

මීගොඩ පොලිස් වසමේ ගොඩගම ප්‍රදේශයේ පුද්ගලයෙකු පහරදී ඝාතනය කර තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 44ක් වූ ගොඩගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

මරණකරු ව්‍යාපාරිකයෙකු බවත්, සිය නිවසේ රැඳී සිටින අවස්ථාවේ ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු නිවසට ඇතුළු වී මරණකරු සමඟ කතාබස් කරමින් සිට අනතුරුව පහරදී මෙම ඝාතනය සිදු කර පලාගොස් ඇති බවට දැනට සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

ඝාතනයට හේතුව හෝ සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.

Read more

Local News