කොහුවල වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට

Share

කොහුවල, සරණංකර පාර ප්‍රදේශයේදී වෙළෙඳසැලක් තුළ සිටි පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 43ක් වූ නැදිමාල, දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

මරණකරු එම වෙළඳසැලේ හිමිකරු බවත්, යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බවත් දැනට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Read more

Local News