මැදපෙරදිග යුද උණුසුම වැඩි වෙයි

Share

මැදපෙරදිග යුද උණුසුම වැඩිකරමින් ඉරානය ඊයේ (01) රාත්‍රියේ ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා.

ඊශ්‍රායලයේ මධ්‍යම ප්‍රදේශයට බැලැස්ටික් මිසයිල ප්‍රහාර 200ක් පමණ එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට කිසිදු අනතුරක් සිදුවී නැති බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර ප්‍රකාශ කළා.

මේ අතර ප්‍රකාශයක් නිකුත් කරමින් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ ඉරානයට අනිවාර්යෙන් මීට වන්දි ගෙවීමට සිදුවන බවයි.

Read more

Local News