මහමැතිවරණය සඳහා තැපැල් ඡන්ද විමසීම ඔක්තෝබර් 30, නොවැම්බර් 01 සහ 04 යන දිනවල දී සිදු කරන බව මැතිවරණ කොමිසම පවසනවා.
අදාළ දින තුනේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කළ නොහැකි ඡන්ද දායකයන්ට නොවැම්බර් 07 සහ 08 යන දිනයන්ද අතිරේක දින ලෙස වෙන් කර තිබෙනවා.
මේ අතර මහමැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (10) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන අතර නාම යෝජනා ලබාදීම හෙට දහවල් 12.00න් අවසන් වීමට නියමිතයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.