දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හමුවේ ගංවතුර සහ නාය යාම්වලට ගොදුරු වී ඇති දිස්ත්‍රික්කවල ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා මෙන්ම, සහන සේවා කටයුතු කාර්යක්‍ෂමව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහාය ලබාදීම සඳහා ත්‍රිවිධ හමුදා සහන සේවා කණ්ඩායම් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම කටයුතු අඛණ්ඩව සිදු කරනු ලබයි.
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී විසින් ආපදාවට පත් සියලු දිස්ත්‍රික්කවල රාජ්‍ය නිලධාරීන් සම්බන්ධීකරණය කරගනිමින් අවශ්‍ය සහන සේවා කඩිනමින් සැලසීමට කටයුතු යොදා ඇත.
දැනට ලැබී ඇති දත්ත අනුව, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 11ක ඇති වූ ගංවතුර සහ නායයෑම් නිසා පවුල් 6,018ක පුද්ගලයන් 24,492ක් විපතට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.
එමෙන්ම, හදිසි ආපදා තත්වයන් පිළිබඳ තොරතුරු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි ඇමතුම් මැදිරිය හෝ 0112136136, 0112136222, 0112670002 දුරකථන අංක ඇමතීමෙන් දැනුම් දිය හැකි බව ද ජනතාව වෙත දැනුම් දී සිටී.