බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු ඇගවීම් (VIDEO)

Share

දිවයිනට බලපා ඇති වැසි තත්ත්වයේ අඩු වීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහෙත් බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වන අඩු පීඩන කලාපය හේතුවෙන් ධීවර හා නාවික කටයුතුවලින් වලකින ලෙසයි එම දෙපාර්තමේන්තුව අනතුරු අගවා තිබෙන්නේ.

මේ අතර ගංවතුර තත්ත්වය පහව යාමත් සමඟ බෝවන රෝග ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News