ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ හා අගමැතිනිය අතර හමුවක්

Share

ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ Takafumi Kadono ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (18) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මුණගැසී සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

මෙරට සංවර්ධන ව්‍යාපෘති සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් ලබාදුන් සහය පිළිබඳව අග්‍රාමාත්‍යවරිය සිය ස්තුතිය පල කළාය.

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුවේ සහය ඉදිරියේදීත් අපේක්ෂා කරන බව අගමැතිවරිය මෙහිදී සඳහන් කළා.

Read more

Local News