චීනය හා ඉන්දියාව දේශසීමා මායිම් ගැටළුව සම්බන්ධයෙන් එකඟතාවකට එළඹ ඇතැයි චීනය පවසනවා.
චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian ඊයේ (22) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.
මෑතකදී, චීනය හා ඉන්දියාව රාජ්‍යතාන්ත්‍රික සහ ආරක්ෂක අංශ ඔස්සේ දෙරටේ දේශසීමා මායිම් ගැටළුව සම්බන්ධයෙන් පුළුල් අයුරින් සාකච්ඡා කිරීමෙන් එකඟතාවකට එළඹ ඇති බව ඔහු සඳහන් කළා.
චීනය, ඉන්දියාව සමග එක්ව එය විධිමත්ව අනුගමනය කරනු ඇත. ඒ හා සම්බන්ධ සවිස්තර තොරතුරු චීනය නිසි කලට එළි දක්වනු ඇතැයි ද Lin Jian එහිදී ප්‍රකාශ කර තිබෙනවා.