යතුරුපැදියක් දුම්රියක ගැටී පුද්ගලයෙක් මරුට

Share

හබරාදූව දුම්රිය හරස් මාර්ගය අසල දී යතුරුපැදියක් මාතර සිට ගාල්ල දක්වා ධාවනය වූ දුම්රියේ පිටුපස කොටසේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් යතුරුපැදියේ පසු පැදිකරු එම ස්ථානයේදීම මියගෙස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 51ක් වූ මරදානගේ වත්ත, තල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පැදිකරු බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රථිකාර ලබන අතර, හබරාදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Read more

Local News