විදුලිසැර වැදී දරුවෙකු මරුට

Share

විල්ගමුව, පේරකනත්ත ප්‍රදේශයේ දී විදුලිසැර වැදී දරුවෙකු මිය ගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 07ක් වූ නාමිනිගම, පේරකනත්ත ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙක් බවයි වාර්තා වන්නේ.

මියගිය දරුවාගේ දෙමාපියන් විසින් නිවස හා ගෙවත්ත වන අලින්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා විදුලි වැටක් සකස් කර ඇති අතර දෛනිකව සවස 06 ට විදුලිය සපයා පසුදින උදෑසන 06 ට එය විසන්ධි කරනු ලබයි.

සිද්ධිය වූ දින විදුලිය විසන්ධි කිරීමට නිවැසියන්ට අමතක වී ඇති අතර මරණයට පත් වූ දරුවා නිවස පිටුපස පිහිටි දිවුල් ගසේ දිවුල් ඇහිඳීම සඳහා ගොස් සිටිය දී මෙලෙස විදුලිසැර වැදී ඇති බව සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News