ගල්කිරියාගම, කහලුකන්ද දෙසට ධාවනය වූ දර පැටවූ අත් ට්රැක්ටරයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් ට්රැක්ටරයේ ඉදිරිපස ගමන්කළ දරුවෙකු ටේලරයට යටවී බරපතල තුවාල ලබා කලාවැව රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 14ක් වූ නාවත්තේගම ප්රදේශයේ පදිංචි දරුවෙක් බවයි පොලීසිය සඳහන් කළේ.