කුරුණෑගල දෙස සිට පොල්ගහවෙල දෙසට ධාවනය වූ ත්රිරෝද රථයක් ඊට ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි කැබ් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් ත්රිරෝද රථයේ රියදුරු, පසුපස අසුනේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනකු, පිරිමි පුද්ගලයෙකු හා කුඩා පිරිමි දරුවෙකු තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුලත් කර ප්රථිකාර ලබමින් සිටියදී ත්රීරෝද රථයේ රියදුරු මියගොස් ඇතිබවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 70ක් වූ පොල්ගහවෙල ප්රදේශයේ පදිංචිකරුවෙක්.