පුස්සැල්ලාව, මෙල්ෆට්වත්ත ප්රදේශයේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹර ප්රහාරයක් සිදුව තිබෙනවා.
බඹර ප්රහාරයෙන් පුද්ගලයන් 06 දෙනෙකු තුවාල ලබා ගම්පොල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 50ක් වූ මෙල්ෆට්වත්ත, පුස්සැල්ලාව ප්රදේශයේ පදිංචිකරුවෙක්.
බරපතල තත්ත්වයේ සිටි එක් පුද්ගලයෙකු ගම්පොල රෝහලේ ප්රථිකාර ලබමින් සිටින අතර, අනෙක් පුද්ගලයන් 04 දෙනා ප්රථිකාර ලබා නිවසට පිටව ගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.