බිත්තියක් කඩා වැටී පුද්ගලයෙකු මරුට

Share

කොල්ලුපිටිය, 25 වන පටුමගේ පිහිටි පැරණි ගොඩනැගිල්ලක බිත්තියක් කඩා වැටී පුද්ගලයෙකු බිත්ති කොටසකට යට වී මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 38ක් වූ අරාවත්ත, නමුණුකුල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

මරණකරු පිරිසක් සමඟ ඉහත ලිපිනයේ පිහිටි පැරණි ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේ කටයුතු සිදුකරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවට නිරීක්ෂණය වී ඇති අතර කොන්ත්‍රාත්කරු විසින් සේවය කරන ලද සේවකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් අනුගමනය කර නොමැති බවට ද තහවුරු වී තිබෙනවා.

Read more

Local News