කල්පිටිය දෙස සිට පාලවිය දෙසට ධාවනය වූ කැබ් රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයේ ඉදිරියට ඇදීගෙන ගොස් නිවසක ඉදිරි තාප්පයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් කැබ් රථයේ පිටුපස ගමන් කළ පුද්ගලයෙකු බරපතල තුවාල ලබා කල්පිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 28ක් වූ ජනසවිපුර, කල්පිටිය ප්රදේශයේ පදිංචිකරුවෙක්.