අයහපත් කාළගුණයෙන් 55,000කට වැඩි පිරිසකට බලපෑම් (VIDEO)

Share

අයහපත් කාළගුණය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 10 කට බලපෑම් එල්ල වී තිබෙනවා.

පුද්ගලයින් 55,000කට වැඩි පිරිසක් ඒ හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

මේ අතර බැම්මක් කඩා වැටීමෙන් බණ්ඩාරවෙළ ප්‍රදේශයේ කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නුවරඑළියට බලපා ඇති ගංවතුර හේතුවෙන් වික්ටෝරියා උද‍්‍යානය ඇතුළු ස්ථාන කිහිපයක් ජලයෙන් යට වී ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News